Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

අපේ ගීක්වරුන් මෙක තේරුම්ගනී කියලා හිතනවා..

$
0
0
අද මම දාපු අවවාදයයි එක ටිකක් සැර වැඩී වගේ හිතුනා.. ඒ නිසයි මෙක දාන්නේ..

මමත් දන්නවා තමන්ගේ වෙබ් අඩවියට සෙනග එන එක කොයි තරම් සතුටු දෙයක්ද කියලා. බොරු කියන්න ඔනි නෑ මමත් ඉස්සර ස්පෑම් කළා. හැබැයි හැමතැනම නෙමෙයි. සුදුසු තැන්වලදී..

ගීක් බ්ලොග් කියවනයෙන් මම අමු අමුවෙම බැක්ලින්ක්ස් දීලා තියෙනවා ගීක් එකෙන්ම. ටිකක් හොයලා බලන්න ඇලෙක්සා රෑන්ක්, පේජ් රෑන්ක්, ට්‍රැෆික් හොදට තියෙන අය එහෙම බැක්ලින්ක්ස් දෙන්නේ නෑ නිකන්.

අනික තමයි ගීක් එකේ තරුව ගන්න අයට එයාලගේ හැම දාකච්ඡාවකටම යටින් එයාගේ වෙබ් ලින්ක් එකක් දාගන්න අවස්ථාව දීලා තියෙනවා.. මම හිතනවා ඒකත් ඒ අයට වැදගත් ඇති කියලා.

විවිධ උදව් ගන්න තමන්ගේ ලින්ක් පළ කළාට අවුලක් වෙන්නේ නෑ. මොකද කෙනෙකුගේ වෙබ් එකකට ගීක් එකේ අය ගියා කියලා ගීක් එකෙන් කෑල්ලක් යන්නේ නෑනේ.

නමුත් හැමෝම ලින්ක් පළ කරන්න ගත්තොත් ගීක් එකෙන් වැඩක් නැතුව යනවා.. ඒකයි මම කියන්නේ.
නිකමට බලන්න පළවෙනා සාකච්ඡාවන් 50 අතරේ වැඩිපුර තියෙන්නේ මොනවාද කියලා..

ඒ වගේම ස්පෑම් ලින්ක් එකක් දැම්මම පැමිණිලිකිරීමෙ බොත්තම භාවිතයෙන් පැමිණිලි 10 ක් 15 ක් එනවා. ඒ නිසා මම ඒ ස්පෑම් අයින් කළ යුතුයි.
නැතිනම් අර පැමිණිලි කරපු අය වෙලාව නාස්ති කරන් කරපු දෙයින් වැඩක් නැතිවෙනවා.

මමත් කැමති අපේ සිංහල යාලුවො හදන වෙබ් අඩවි වලට සෙනග එවන්න. පුලුවන් විදියට උදව් කරන්න. ඔනම වෙලාවක මැසේජ් එකක් දාන්න මම පුලුවන් විදියට උදව් කරනවා.

අන්තිමට කියන්න තියෙන්නේ අලුතින් වෙබ් අඩවියක් ගැන විස්තර දාන්න ඔනි නම් මට දැනුම් දෙන්න. කතාබහ කරලා විස්තර දාමු..

උදව්වක් සහ ප්‍රයෝජනයක් වෙන ආකාරයට වෙබ් අඩවි පළ කළාට අවුලක් වෙන්නේ නෑ.. හැමෝටම කරදර වෙන විදියට තේරුමක් නැතුව පළ කරන්න එපා. මම කියපුව තේරුම් ගනී කියලා හිතනවා.

කළින් අවවාදයයි කියන එකට කාට හරි හිත රිදුනානම් සමාවෙන්න. මොකද අද ගීක් එක මෙ තත්වෙන් තියෙන්නේ මම නිසා නෙමෙයි.. ඔයාලා නිසා, ඔයාලගේ බ්ලොග් සහ වෙබ් අඩවි නිසා.. ඒක මට අමතක නෑ. අමතක වෙන්නෙත් නෑ.

ඒ නිසා මම ඉල්ලා සිටිනවා. කෙනෙක් නොදැනුවත් කමින් ස්පෑම් වගේ දේවල් කලොත් ඔයාලා ඉදිරිපත්වෙලා ඒ අයගේ හිත නොරිදෙන විදියට ඒ ගැන කියලා දෙන්න කියලා.. හරියට @oshan කළා වගේ.. http://geek.lk/discussion/comment/28036#Comment_28036

Viewing all articles
Browse latest Browse all 7676

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>