Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

ඊයේ මට ලැබුණු පිටසක්වල අත්දැකීමක්. කාට හරි පුලුවන්ද පැහැදිලි කරන්න.

$
0
0
ඊයේ 7:30 pm පමණ මට අමතක වූ දෙයක් ගැනීමට කඩේට යාමට සිදුවිය. කඩේ ගාව ගොඩක් අය අහස දිහා බලනවා නැගෙනහිර ක්ෂිතිජය ට ඉහලින් නිවී නිවී දැල්වෙන අමුතු ආලෝකයක්. මිනිස්සු කතා වෙනවා පාට 7 ක් පේනවා කියා. තවත් මේක ක්‍රමයෙන් ඉහලට යනවා කියලා. මට නම් මේක ලොකු වෙනසක් දැක්කේ නැහැ. සාමාන්‍ය තරුවකට වඩා දීප්තිමත් වගේම දිලිසෙන ගතිය වැඩියි. කඩේ මුදලාලි කිවුවා මේක ඊයෙත් මේ වෙලාවට දැක්ක නමුත් පැය කට දෙකකට පස්සේ තිබුනේ නැහැ කියලා.

මම නම් මේක ඒ වෙලාවේම අඳුනාගත්තා ගෙදර ඇවිත් අන්තර්ජාලය මගින් ස්ථිර කරගත්තා. අනිවාර්යෙන්ම ලංකාවේ කොතන හිටියත් නැගෙනහිර ක්ෂිතිජය ට අංශක 20-30 ක් විතර පෙනෙන ඕනෑම තැනකට මම කියපු වෙලාවට අසන්නේයෙදේ ගොඩක් පැහැදිලිව පේනවා. ඊට පස්සෙදීත් පේනවා නමුත් වෙනස්වට. මේ කවුද කියන්න. මම තව දවස් දෙකකින් මගේ උත්තරය දෙනවා. අදම බලලා හොයලා කියන්න. මම හිතනවා මේකට උත්තරේ දන්න ගොඩක් අය ඉන්න බව.

Viewing all articles
Browse latest Browse all 7676

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>