Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

මට 20දෙනෙකුගේ උදව් ඕනේ............. :(

$
0
0
මගේ වෙබ්සයිට් එක හදලා තියෙන්නේ wall.fm එකෙන්. ඉස්සර wall.fm එකෙන් free plan එකක් දුන්නා. හැබැයි දැන් නම් දෙන්නේ නෑ. මම කලින්ම හදාගත්තු එකක් හින්දා මගෙ සයිට් එක තවම තියෙයි.

ඉතින් මෙන්න මේකයි ඔයාලගෙන් ඉල්ලන උදව්ව......

wall.fm එකෙන් අලුතෙන් පටන් ගන්න හදනවා Quality Group Project කියලා එකක්. අපි ඒ group එකට join වුණොත් ඒ කට්ටියගේ අලුත්ම updates test කරන්න යොදාගන්නේ අපේ sites. අපේ site වල දාලා test කරලා එහෙම තමයි අනිත් සයිට් update කරන්නේ.....
ඉතින් මමත් මේ Group එකට කොහොම හරි join වෙන්නයි හදන්නේ.....
මොකද ඒ Group එකට join වෙන site ඔක්කොටම නොමිලේ Pro Plan එකක් දෙනවා. :D

ඒ Pro Plan එක ගත්තම තව features ගොඩක් හම්බවෙනවා.
එතනින් මට ඕනෙම කරලා තියෙන්නේ Instant Chat කියන feature එක.
එතකොට මගෙ සයිට් එක පාවිච්චි කරන අයට යාළුවෝ add කරගෙන chat කරන්න පුළුවන් facebook වගේ.... Social Network එකක තියෙන්න ඕන වැදගත්ම කොටස තමයි ඒක. ඒත් තවම මගෙ එකේ ඒක නෑ. ඉතින් ඒක මට ගන්න ඔයාලගේ උදව් ඕනේ මේ වෙලාවේ.......

මගෙ සයිට් එකේ ක්‍රියාකාරී සාමාජිකයින් අඩුමතරමින් 20ක් හිටියොත් තමයි මට Quality Group එකට join වෙන්න පුළුවන්. දැනට මගෙ සයිට් එකේ සාමාජිකයින් 1000කටත් වඩා register වෙලා ඉන්නවා. ඒත් ඒ කට්ටිය register වෙනවා විතරයි. ආයෙ එන්නේ දෙපාරයි තුන්පාරයි. මොකද ඒකෙ ආවට බලන්න දෙයක්, චැට් කරන්න කෙනෙක් එහෙම නැති නිසා. දිනපතා 50ක් විතර තමයි සයිට් එකට එන්නේ...... ඒ කට්ටිය register වෙලා යනවා ආයේ එන්නේ නෑ.

මට උදව් කරන්න කැමති අය ඉන්නවා නම් PM කරන්න.
මේක සිංහල සමාජ ජාල අඩවියක්!
ඒත් පළවෙනි පාර ගියහම ආසා හිතෙයි..... හොඳ කතා බහ කරලා ඉන්න යාලුවෝ නැති නිසා විනාඩි 5න් එපා වෙයි.
සතියකට එක පාරක් ඇවිත් comment එකක් දාලා ගියොත් හොඳටම ඇති.

Viewing all articles
Browse latest Browse all 7676

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>