Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

දැන ගියොත් උපාධිය,නොදැන ගියොත් ව්‍යාධිය (ඩිග්රි කරන අය ප‍්‍රවෙසම්වෙන්න)

$
0
0
<<Degrees of Institutes Recognized under Section 25 A of the Universities Act No. 16 of 1978>>
http://www.ugc.ac.lk/en/universities-and-institutes/other-recognized-degrees.html

පාසලෙන් ඉවත් වුනු ගමන් ..හාහාපුරා කියලා..උපාධියක් ගන්න සිහින දකින දයාබර නංගිලා මල්ලිලාට පොඩි පණිවිඩයක් දෙන්නම්..

උපාධියක් කරන්න කලින් ..ඒ උපාධිය පිළිගැනීම,රජයේ අනුමත එකක්දැයි බැලීම,ඔබෙ වගකීමක් ..එසේ නොකලහොත් ඔබ ඔබවම විනාශ කරගැනිම සිදුකරනවා ඇත.සල්ලි අපතේ යවනා ඇත.අපි අපතේ යවන්නේ අපේ සලිලි නොව අහිංසක දෙමව්පියන්ගේ මුදල්ය.වංචාකරුවන්ට හසු නොවන්න,පිළිගැනීමක් සහිත වටිනාකමක් ජීවිතයට එකතු කරගන්න..හරි මග යන්න.මුදල් වලට කතා කල නොහැක.මුදල් මෙහෙයවන්නා බුද්ධිමත් විය යුතුය.එවිට මුදල් ඔබට කතා කරනු ඇත

Note : රාජ්‍ය විශ්වාද්‍යාල ගැන බිය නොවන්න..එහි පිලිගැනීම අතිශය ඉහලය.


සලකා බැලිය යුතු කරුණු.

01. ප‍්‍රථමයෙන් එකී විශ්ව විද්‍යාලය UGC එකේ අනුමත දැයි බැලීම.දුරකතන ඇමතුමක් දී හෝ එහි ගොස් සත්‍ය අසත්‍යතාව විමසීම කරනු.මෙන්න බලන්න
http://www.ugc.ac.lk/en/universities-and-institutes/other-recognized-degrees.html

02. එකී උපාධිය සිදු කල අයත් සමග කතාබහ කරන්න

03. එකී උපාධිය ගැන අවබෝධයක් ඇති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගෙන් උපදෙස් ගන්න

04. පෞද්ගලික රාජ්‍ය ආයතනවලින් පුලුවන්නම් විමසීමක් ද,කරන්න..
උදා- අයි ටී නම් ICTA හෝ ඉට සමාන ආයතන..ඒ ඒ තනතුරුවලට ඔවුන් බලාපොරොත්තු වන සුදුසුකම්,උපාධි ගැන විමසීමක් කරන්න

05. උපධිය පිරිනමන විශ්වවිද්‍යාලය ගැන විමර්ශනය කරන්න

06. Internet Forum (Like Geek.lk) වලින් මාර්ගයෙන් අන් අයනේ අහන්න

07 . දැන්වීම් පසුපස නොයා...හැකි තරම් එහි අන්තර්ගත කරුණු කෙරෙහි වටපිටාව කෙරෙහි අවධානය යොමු කරන්න
Eg: එක උපාධියක් ගත්තොත් ටොප් ලැප් එකක් දෙනවා,Flash drive එකක් දෙන්වා වැනි දෑ

08. එම් එස් සී ,එම් බී ඒ කරන්න අදාල උපාධිය සුදුසුදැයි බලන්න.ඒ පිලිබද අදාල ආයතනයන් වලින් විමසීම් කරන්න

09.විශ්වවිද්‍යාලයේ ඉතිහාසය,උපාධියේ ඉතිහාසය විමර්ශනය කරන්න

සතර දිශාව බලා උපාධිය සිදු කරන්න

(හෙලි කල නොහැකි සත්‍ය කතාවක් අනුසාරයෙන් ලිපිය පෙල ගස්වා ඇත)

Viewing all articles
Browse latest Browse all 7676


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>