Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

හෙළ සුවයෙන් කෙරෙන සමාජ සත්කරය.

$
0
0

පිළිකා - සම, පෙනහළු, වකුගඩු
දියවැඩියාව
හෘදයාබාධ
අංශභාගය
ඇදුම
සංජානනීය ආබාධ
වඳ බව
උදරයේ දැවිල්ල (ගැස්ට්‍රයිටිස්)
වයිරස් උණට ප්‍රතිශක්තිය අඩුවීම

කිවුල් ජලය නොමැති ප්‍රදේශවල ලාංකිකයන්ගේ සිරුරට ආසනික් ඇතුළු වන ප්‍රධානතම මාර්ගය වන්නේ කෘෂිරසායන යොදා සෑදු ආහාර පානයි. මෙසේ ආහාරයෙන් ඇතුළු වන ආසනික් බඩ වැලේ දී උරාගෙන අක්මාව හරහා මුළු සිරුර පුරා ගමන් කරයි.

ජීවී සෛලයක මූලික ක්‍රියාකාරී ඒකකය වන DNA අණුව වෙනස් කල හැකි විශේෂ හැකියාවක් ආසනික් සතුව ඇත. DNA ව්‍යුහය වෙනස් කිරීම නිසා ඇතිවන විකෘති සෛල, පිළිකා ඇතිකිරීමටත්, සංජානනීය ආබාධ හා වඳ බව ඇතිකිරීමටත් හේතු වෙයි. අග්න්‍යාශයේ ඉන්සියුලින් හෝමෝනය නිෂ්පාදනයට බලපෑම නිසා ඉන්සියුලින් නිෂ්පාදනය අඩාල වී දියවැඩියාව හටගනී. අක්මාවේ නිපදවෙන හෙපරින් නමැති රසායනිකයට බලපෑම මගින් හෙපරින් නිපදවීම අඩු වීම නිසා ලේ කැටිගැසීමේ දෝෂ හටගෙන හෘදයාබාධ, අංශබාග වැනි රෝග සෑදීමේ අවධානම වැඩි වෙයි. මේ ආකාරයටම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇතිවන බාධා නිසා සම හා ස්ලේශ්මල පටලවල ආරක්ෂාකාරී ක්‍රියාව දුර්වල වන අතර විෂ බීජ සමග සටන් කිඊමේ හැකියාව බිඳ වැටී පහසුවෙන්ම ලෙඩ රෝගවලට ගොදුරු වේ.

DNA ක්‍රියාකාරීත්වය වැඩි, වර්ධන වේගය වැඩි පටකවලට ආසනික් දැඩි බලපෑමක් ඇතිකරයි. එයින් අදහස් වන්නේ කළල හා ළමා අවදියේ දී ආසනික් ශරීර ගත වන අපගේ බාල පරපුර ඉහත රෝගයන්ට අඩු වයසින්ම ගොදුරුවීම අනිවාර්යයෙන්ම සිදුවන බව හෙවත් අනාදිමත් ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක අවසානය ආරම්භ වී ඇති බවයි.

පාරම්පරික දේශීය සහල් වර්ග වල ඇති වැදගත්කම
http://www.helasuwaya.org/34843548352035383501353635053530-348235153505-35203539-3520351535303484-35243535-347335243538-35203536350334843501353034823512.html

වස විසින් තොර වී ලබගතහැකිම් මධ්‍යස්ථාන
http://www.helasuwaya.org/346135083538-3524351235403520354535123540.html

Viewing all articles
Browse latest Browse all 7676


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>