Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 7676

කායවර්ධනයට යන ඇතැම් පිරිමින් වඳභාවයට

$
0
0
කායවර්ධන මධ්‍යස්ථානවලට යන ඇතැම් පිරිමින් වඳභාවයට පත්වීමේ අවධානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තීය හා පාරිසරික ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසයි.


මෙම අවධානම් තත්ත්වය මතුව ඇත්තේ ඇතැම් කායවර්ධන මධ්‍යස්ථානවල දී පිරිමින්ට, කාන්තා හෝමෝනයක් වන ‘ඊස්ටජන්’හෝමෝනය අන්තර්ගත කළ ආහාරපාන ලබා දීම හේතුවෙන් බව කරන ලද පර්යේෂණවලදී හෙලිව ඇත.

මෙම ආහාරපාන අතර චොකලට් මිශ්‍රකළ පිටි වර්ග විශේෂ බවත්, ඒවා පානය කිරීමෙන් අනතුරුව පිරිමින් තුළින් කාන්තා ගති ලක්‍ෂණ මතුවන බවත් ශුක්‍රාණු නිපදවීමට නොහැකි තත්ත්වයක් මතුවන බවත් මේ හේතුවෙන් දරුපල අහිමිවන බවත් අධ්‍යක්‍ෂවරයා පැවසීය.


මේවන විට පාසැල් වයසේ පසුවන පිරිමි දරුවන් විශාල පිරිසක් මෙම අවදානම් තත්ත්වයට ගොදුරුවෙමින් පවතින බවත් ඇතැම් තරුණයන් මෙම අවාසනාවන්ත තත්ත්වයට මේවන විට ගොදුරුවී ඇති බවත් සෞධ්‍ය අමාත්‍යංශය කරන ලද සොයා බැලීමක දී හෙලිදරව් වී තිබේ.


මෙම කිරිපිටි කිලෝ 02ක ටින් එකක් රුපියල් 6000ක් වැනි අධික මිලකට අලෙවි වන බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ආහර බලධරයාගෙන් අවසර ලබා ගත යුතු වුවත් මොවුන් එසේ අවසර ලබා නොගෙන ඇති බවත් සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවත් ඒ අනුව පිටි ටින් වලින් ඇතැම් ලේබල් වෙනස් කර ඇති බවත් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

http://srilankamirror.lk/sinhala/news/10305-gym

-ලංකා පුවත්

Viewing all articles
Browse latest Browse all 7676


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>